රජයට විරුද්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් උසාවියට යයි... හේතුව මෙන්න

Report

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

අද ලග්න 4කටම ධන ලාභ - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න 19-03-25

අද ලග්න 4කටම ධන ලාභ - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න 19-03-25

ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා රජය කටයුතු කර තිබීම හේතුවෙන්.

ඒ අනුව ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් තීරණය කර තිබෙනවා.

දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව විසින් ගෙන තිබෙන මෙම තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙලෙස අපි අචනා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙන්නේ.

ජනපති පොලිස් ලොක්කන් අමතයි - දෙකට නැමෙන්න එපා! (VIDEO)

ජනපති පොලිස් ලොක්කන් අමතයි - දෙකට නැමෙන්න එපා! (VIDEO)

එය සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 28 වැනිදා කැඳවන ලෙසයි.

දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්, එහි නියෝජ්‍ය කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු එහි විධායක කමිටු සාමාජිකයින්, විගණකාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටිනවා.

තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව සේවා සපයන්නන් මිස එහි සේවකයින් නොවන බවත් පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

එම තත්වය යටතේ තමන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවත් මේ හේතුවෙන් ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි අගතියක් සිදුවී ඇති බවත් පෙත්සම්කරුවෝ තවදුරටත්  පෙන්වා දී තිබෙනවා.