පොල් ගෙඩි 20 ක් සොරකම් කළ පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව වසරක සිරදඬුවම්
By Sithumi
දිවුලපිටිය, කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ වත්තකට අයුතු ලෙස ඇතුල්වීම සහ එම වත්තෙන් පොල් ගෙඩි 20 ක් සොරකම් කිරීම යන චෝදනා දෙකට වරදකරුවූ විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිතව වසරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ, මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබදු ලබාදුන් නියෝගයකට අනුවයි. විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඇගිලි සටහන් වාර්තා අනුව සනාථ වීම හේතුවෙන් නියම කළ බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවම වසර 10 කට අත්හිටුවන ලෙසට අධිකරණය නියම කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.
එම වසර දහය යහපත් කල් ක්‍රියාවෙන් ගතකරන ලෙස විත්තිකරුට අධිකරණය නියම කළ අතර
විත්තිකරු විසින් 2021 වර්ෂයේ ජනවාරි මස 31 හෝ ඊට ආසන්න දිනයකදී එලෙස පොල් සොරකම් කර ඇති බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.
දිවුලපිටිය, කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකුටයි මෙලෙස අත්හිටවූ සිර දඬුවම් නියම කෙරුණේ.