දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ පාලිකාවගේ සැමියා අවුරුදු හතරක දැරියක් අපයෝජනය කළ බිහිසුණු අපරාධය..

Report

 වරකාපොල තුල්හිරිය ප්‍රදේශයේ පවත්වාගෙන යන දිවා සිරකුම් මධ්‍යස්ථානයක පාලිකාවගේ සැමියා විසින් එම සුරැකුම් මධ්‍යස්ථානයේ අවුරුදු හතරක දැරියක් අපයෝජනයට ලක් කර ඇති බවත් එම 74 හැවිරිදි පුද්ගලයා වරකාපොල පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තුල්හිරිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා

මොහු වරකාපොල පාසැල් බස් රථ සංගමයේ සභාපති වරයාද වන අතර අද 2 දහවල් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ දදරුවන් රඳවා යන දෙමාපියන් හ ප්‍රදේශ වසීන් එක්ව විරෝධතාවයක් පවත්වා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙසත් අධිකරණයේදි නීතිඥයන් සහය ලබා නොදෙන ලෙසත් ඉල්ලීම් කර තිබෙනවා.