රුසියාව බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි ස්ථානගත කරයි
United Russia
Russo-Ukrainian War
Russian Federation
By Sithumi
රුසියාව උපක්‍රමශීලීව බෙලරුසියාවේ න්‍යෂ්ටික අවි ස්ථානගත කරන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා.
මෙම පියවර න්‍යෂ්ටික අවිහරණ ගිවිසුම් උල්ලංඝනය නොකරන බව පැවසූ ජනාධිපති පුටින්, එය එක්සත් ජනපදය යුරෝපයේ සිය අවි ස්ථානගත කිරීම හා සසඳන බව රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා. මේ පිළිබඳව මාධ්‍ය නිවේදනය කිරීමෙන් පසු එක්සත් ජනපදය ප්‍රකාශ කළේ, රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සූදානම් වන බවට තමන් විශ්වාස නොකරන බවයි.
1990 දශකයේ මැද භාගයෙන් පසු රුසියාව සිය න්‍යෂ්ටික අවි රටින් පිටත ස්ථානගත කරන ප්‍රථම අවස්ථාව මෙයවනවා.
