ප්‍රභල ඇමතිවරුන් පිරිසකට ආසන අහිමිවීමේ අවදානමක්..
By Sithumi
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් ඇතුළු අමාත්‍යවරුන් 15 දෙනෙකුට ලබන වසරේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයෙන් සිය ආසන අහිමි වීමේ අවදානමක් පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට සමීක්ෂණ කණ්ඩායමක් සහ මාධ්‍ය නාලිකාවක් එක්වී සිදුකළ මහජන මත විමසුමකදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙන්ම එරට නියෝජ්‍ය අගමැති ඩොමිනික් රාබ් සහ සෞඛ්‍ය අමාත්‍ය බාර්ක්ලේ ඇතුළු කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් කිහිපදෙනෙකු 2024 දී පැවැත්වීමට නියමිත මැතිවරණයේදී පරාජය වීමේ අවදානමක් පවතින බව අදාළ සමීක්ෂණය මඟින් පෙන්වාදී තිබෙනවා.
ආසන අහිමි වනු ඇති බවට අපේක්ෂා කරන ලැයිස්තුවේ එරට විදේශ, ආරක්ෂක, පරිසර අමාත්‍යවරුන්ද සිටින බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |