කාම ආසාව නිසා ඥාතිකම අමතක කළ හමුදා සෙබලා...කෙලෙසුවේ කාවද?

Report

තම නැගෙණිය ලිංගික අතවරයට ලක්කිරීම හේතුවෙන් කහටගස්දිගිලිය පොලිසිය විසින් යුද්ධ හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

එම සැකකරු මාර්තු මස 20 වැනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බවයි පැවසෙන්නේ.

පසුගිය 10 වනදා කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ නඩුව අනුව එම 34 හැවිරිදි සැකකරු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට කහටගස්දිගිලිය පොලිසිය විසින් කටයුතු කර තිබුනා.

හලාවත පොලිසියෙන් ව්‍යාජ මැණික් ගල් මිලියන 23කට අලෙවි කළ තිදෙනෙකුට අත්අඩංගුවට!

හලාවත පොලිසියෙන් ව්‍යාජ මැණික් ගල් මිලියන 23කට අලෙවි කළ තිදෙනෙකුට අත්අඩංගුවට!

වැඩිමහල් සොහොයුරා විසින් එක් දරු මවක් වූ සිය නැගණිය ලිංගක අතවරයට ලක්කර ඇති බවට පසුගිය 09 වැනිදා කහටගස්දිගිලිය පොලිස් ස්ථානය වෙත, පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

ඒ අනුව සිදු කල විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ අදාළ එක්දරු මව සිය අනෙකුත් සහෝදරයා අතින් අතවරයට ලක්ව ඇති බවයි.

තෙල් මිල යළි ඉහළට

තෙල් මිල යළි ඉහළට

කහටගස්දිගිලිය, අන්දරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි, ශ්‍රී ලංකා ගජබා රෙජීමේන්තුවට අයත් කැබිතිගොල්ලෑව කදවුරේ සේවය කළ සෙබෙළකු වන මෙම සැකකරු, ඒ අනුව එදින අලුයම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පැවසුවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු කහටගස්දිගිලිය පොලිසිය සිදුකරන බව සඳහන්.