ඇමරුකානුවෝ යළිත් පරාජය වූ කතාව..

American Express
By Sithumi Jun 22, 2023 03:11 PM GMT
Sithumi

Sithumi

Report

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ වටයේ අමෙරිකාවට එරෙහි පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත්වුණා.

එහිදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තය පන්දු ඕවර 43 යි පන්දු 2කදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 214ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගත්තා.

අගනා පිතිහරඹයක නිරත වූ නායක Scott Edwards නොදැවී ලකුණු 67ක් රැස්කරගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කර ගෙන ඇති අතර ඔහුට අගනා සහායක් ලබාදුන් Teja Nidamanuru ලකුණු 58ක් රැස්කරගත්තා.

Jessy Singh අමෙරිකාව වෙනුවෙන් කඩුලු 2ක් දවාගෙන ඇති අතර තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අමෙරිකාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 211ක්.