ට්‍රක් රථයක නැගී හංගේරියාවට පනින්න ගිය ලාංකිකයින් පිරිසකට සිදු වූ දේ.

By Wayomi Dec 28, 2022 07:23 AM GMT
Report

හංගේරියාවට නීති විරෝධී ලෙස ඇතුළු වීමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් 27 දෙනෙක් භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථ දෙකක නැගී හංගේරියාවට ඇතුල් වීමට සූදානමින් සිටියදී රුමේනියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

ඉන් එක් ට්‍රක් රථයක වයස අවුරුදු 21 සිට 67 දක්වා වූ බංග්ලාදේශයේ සහ එරිත්‍රියාවේ සංක්‍රමණිකයින් 17 දෙනෙකු සහ අනෙක් ට්‍රක් රථයේ ශ්‍රී ලංකාවේ සහ පකිස්තානයේ සංක්‍රමණිකයින් 11 දෙනෙකුට අධික පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ.

රුමේනියානු දේශසීමා පොලිසිය පවසන්නේ මෙම නීතිවිරෝධී ක්‍රියාව පිළිබඳ වැඩිදුර තොරතුරු සෙවීමට පරීක්ෂණ පවත්වන බවයි.      


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW