ශ්‍රී ලාංකිකයන් මිලියන 5කට වැඩි පිරිසකට මානූෂීය ආධාර අවශ්‍යයි.
මිලියන 5.7ක් ශ්‍රී ලාංකිකයන්ට මානූෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරනවා.
ඒ අනුව ජනගහණයෙන් 96%ක් ආර්ථික අර්බුදයෙන් බලපෑමට ලක්ව ඇති බවයි එම සංවිධනයේ මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසන්නේ.
ඔවුන් මෙම කරුණු අනාවරණය කර ඇත්තේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හරහා සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵලට අනුවයි.
එම සමීක්ෂණය මගින් ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහ ජීවන වෘත්තීන්, සෞඛ්‍ය ආරක්ෂණය සහ ක්‍රමෝපාය ප්‍රමුඛතා කෙරෙහි ඇති වී තිබෙන බලපෑම් ගැන සාකච්ඡා කර තිබුණා.
මෙහිදී සමීක්ෂණය මගින් අනාවරණය වී ඇති කරුණක් වන්නේ ආහාර උද්ධමනය හේතුවෙන් මෙරට ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහත වැටී ඇති බවත්, ජීවන වෘත්තීන් බිඳවැටීම් සහ ආහාර අනාරක්ෂිතතාවය ඉහළයාමක් දක්නට ලැබෙන බවත්ය.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානූෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැඩි හානියට පත් පද්ධති, සේවාවන් සහ පහසුකම් යථා තත්ත්වයට පත්කරන තුරු අවදානම් කාණ්ඩයේ ජනතාව තවදුරටත් දිළිඳුභාවයට පත්වීමට ඉඩ ඇති බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |