බදුල්ලේ පාසල් සිසුන්ට රජයෙන් මසකට රු. 6000 බැගින් ශිෂ්‍යත්ව ලැබුණු හැටි.

Report

දැයේ සියලු දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් 'ජනාධිපති ශිෂ්‍යත්ව 2024' වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116000ක් පිරිනැමීමට නියමිතයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.

සියලුම පාසල් සිසුන්ට මාසයකට සැරයක් රු.6000ක්. - ශ්‍රේණියෙන් ශ්‍රේණියට එය ලැබෙන්නේ මෙහෙමයි.


ඒ අතරින් බදුල්ල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 6කට අයත් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 5770ක් පිරිනැමීම සිදු වුණා.

එහිදී උසස් පෙළ සිසුවෙක් සඳහා මසකට රු. 6000 බැගින් ශිෂ්‍යත්ව 360ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුවෙක් සඳහා මසකට රු.3000 බැගින් ශිෂ්‍යත්ව 5410ක් ද පිරිනමනු ලැබුවා.

උත්සව අවස්ථාව සඳහා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු ජනතා නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහා බොහෝ පිරිසක් සහභාගී වුණා.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට. - මිල අඩු වෙන්නේ මෙහෙමයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළට. - මිල අඩු වෙන්නේ මෙහෙමයි.


ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා දායකත්වය සපයනු ලබන්නේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයයි.