බාල්දු වෙන රුපියල - මෙන්න තත්ත්වේ
බදාදා දිනයට සාපේක්ෂව අද (16) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව මහ බැංකු නිල දත්ත පෙන්වා දෙයි.
ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රුපියල් 305.43 සිට රුපියල් 305.67 දක්වා ඉහළ ගිය අතර විකුණුම් අනුපාතය රුපියල් 312.97 සිට රුපියල් 313.20 දක්වා ඉහළ ගියේය.
මේ අතර, ගල්ෆ් මුදල් ඇතුළු අනෙකුත් විදේශ මුදල් කූඩයකට සාපේක්ෂව රුපියල සුළු චලනයන් වාර්තා කළේය.