මාලදිවයිනේ දී ඇල්ලු ලංකාවේ ධීවරයෝ ටික දූපතකට පටවලා - පස් දෙනෙක් හිරවෙලා

Report

පසුගියදා මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සිදු කරන රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ විමර්ශනයක් අතරතුරේදී මාලදිවයින් මුහුදු සීමාවේදී ශ්‍රී ලංකාවේ අවිෂ්ක පුතා නැමැති ධීවර යාත්‍රාව සමග එහි සිටි පුද්ගලයන් පස් දෙනකු ආරක්ෂක අංශභාරයට ගෙනන තිබේ.

ඒ අනුව අදාළ යාත්‍රාව සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට මාලදිවයිනේ දූපතක රඳවා දැඩි ආරක්ෂාවල් සහිතව සිටින බවට වාර්තාවේ. එමෙන්ම මෙම ධීවර යාත්‍රාව පිළිබඳව මෙවන විට මාලදිවයින් මාධ්‍ය බොහෝ කරුණු අනාවරණය කර තිබේ.

මාලදිවයින සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සිදුකළ විමර්ශනයකට අනුව මෙම වැටලීම සාර්ථක කරගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

පළමුව මෙලෙස මත්ද්‍රව්‍ය අඩංගු යාත්‍රාව මාලදිවයින් ජාතික ආරක්ෂක බලකායට අයත් ඩ්‍රෝන යානාවලට නිරීක්ෂණය වී ඇති අතර ඉන් අනතුරුවයි යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදි අත්අඩංගුවට ගත් ධීවරයින් අවුරුදු 28, 39, 34, 42, සහ 63 යන වයස්වල පසුවන ශ්‍රී ලාංකිකයින් බව මාලදිවයින් වාර්තාවල දැක්වෙනවා.

කෙසේ වෙතත් මෙම සැකකරුවන් කුමන ජාවාරම් ජාලයකට සම්බන්ධ දැයි මාලදිවයින් බලධාරීන් තවමත් අනාවරණය කර නැහැ.

මේ අතර, මෙලෙස අත්අඩංගුවට ගත් අදාළ ලාංකික ධීවරයින් පිරිස සහ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ සහ නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් ද මාලදිවයින වෙත මේ වන විට ගොස් තිබෙනවා.

ඒ අනුව අදාළ  මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට

රටටම සුභ පණිවිඩයක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහළට