මුහුදු සීමා ඉක්මවා ගිය ශ්‍රී ලාංකික ධීවරයින් ඉන්දීය අත්අඩංගුවට...

By Parami Dissanayake May 19, 2024 12:01 PM GMT
Report

මුහුදු සීමා උල්ළංඝනය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 07 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඉන්දියාවේ කන්‍යකුමාරී ප්‍රදේශය ආශ්‍රිත එරට මුහුදේ දී මෙම ශ්‍රී ලංකික ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර එම ධීවරයින් පැමිණි යාත්‍රාව ද ඉන්දීය වෙරළාරක්ෂක බළකාය විසින් ඔවුන්ගේ භාරයට ගෙන ඇත.

ජනපති ඉන්දුනීසියා ආයෝජන ඇමති හමුවේ...

ජනපති ඉන්දුනීසියා ආයෝජන ඇමති හමුවේ...


එමෙන් ම, පසුගිය 16 වනදා ද ඉන්දීය මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ශ්‍රි ලාංකික ධීවරයින් 14 දෙනෙකු සහ යාත්‍රා 5ක් ද ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.