ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් අලුත් තීරණයක්..

By krishani May 09, 2023 02:47 AM GMT
Report

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් විකිණීමට අදාළව ඉදිරි මාස කිහිපය තුළ අයදුම්පත් කැඳවන බව එහි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටෝල් සඳහන් කළේ ය.

ඒ එක්සත් අරාබි එමීරයේ, කලීජ් ටයිම්ස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ය.

තෝරාගත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන බව රජය පසුගිය වසරේ නොවැම්බර් මස දී සඳහන් කළේ ය.

එහිදී කලීජ් ටයිම්ස් වාර්තාවේ සඳහන් වූයේ, ඉන්දියාවේ ටාටා සමූහය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ බහුතර කොටස් මිලදී ගැනීම පිළිබඳ උනන්දුවක් දක්වන බවට වාර්තා ලැබී ඇති බවයි.

එම වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක් වූ රිචඩ් නටෝල් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ පිහිටීම සහ ගුවන් සේවය ඉන්දියාවට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව සැලකූ විට එය සැබැවින්ම ක්‍රමෝපාය අතින් වාසිදායක ගනුදෙනුවක් වනු ඇති බව ය.

කෙසේවෙතත්, ඉන්දීය ජාතික ගුවන් සේවාව පුද්ගලීකරණය සඳහා වසර හතරක් ගතවුව ද, මෙම ප්‍රතිව්‍යුගතකරණ වැඩපිළිවෙළ වසරක් තුළ නිමාකිරීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අරමුණ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join