ආසියානු කුසලාන අවසන් සටන ආරම්භයට විසල් බාධාවක්

Report

UPDATE 


ආසියානු කුසලාන අවසන් මහා තරගය ආරම්භයට වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති අතර මේ වනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය වැසි ආවරණ යොදා ආවරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

................................................................................................

ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් චානක සමත්විය.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.  

මේ අතර, *ආසියානු කුසලානයේ තරගාවලි 08කදි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ක්‍රීඩා කර තිබේ.

* ඉන් අවස්ථා 05කදී ඉන්දියාවද, අවස්ථා 03 කදී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත.

* මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ආසියානු කුසලාන අවසන් මහ තරගයකදී මුණ ගැසෙන්නේ වසර 13 කට පසුවයි.

කණ්ඩායම් දෙකේ අද තරග කරන සාමාජිකයින් පහතින්...

GalleryGallery