දරු සුරතල් බලන සුපිරි ක්‍රීඩකයාට ශ්‍රී ලංකා සංචාරය අහිමි වෙයි..!

Report

ඔස්ට්‍රේලියානු කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ඔවුන්ගේ නිත්‍ය නායක පැට් කමින්ස්ට අහිමිවනු ඇති බව වාර්තා වේ.

ඒ කමින්ස්ගේ දෙවන දරුවාගේ උපත හේතුවෙන් බව සඳහන්. මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම මස, වෝන් - මුරලි කුසලානය වෙනුවෙන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී, දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ආරම්භ වේ. මෙම තරගාවලිය අයි. සී. සී. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත් වේ.

…………………………………………………………………………

You may likethis video 👇