තරුණ තරුණියන් විවාහ වෙන එක අඩුවෙලා - අලුත්ම වාර්තාව කියයි [VIDEO]
By Ashfa
මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 41.8ක ප්‍රමාණයක් අවිවාහකයින් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.
ජන සංගණන සහ ප්‍රජා විද්‍යා අංශයේ අධ්යක්ෂ ආචාර්ය චාන්දනි විජේබණ්ඩාර පෙන්වා දෙන්නේ 2024 ජන හා නිවාස සංගණනය මගින් මේ බව අනාවරණය වූ බවයි.
මෙම තත්ත්වය 2012 වසර හා සැසඳිමේදී සැලකිය යුතු වැඩිවීමක් බවද ඇය පවසා ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව තුල වයස්ගත වන ජනගහනයේ වැඩිවීමකුත් දක්නට ලැබෙන බව ඔවුන් පෙන්වා දෙයි