විරැකියාව ඉහලට - රජයේ රැකියා අවස්ථා මෙන්න

Report

අද දින (26) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අයවැය විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසා සිටියේ වර්තමානය තුළ මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක (365,951) පිරිසක් රැකියා විරහිතභාවයෙන් පෙළෙන බවයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (26) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය. 2024 ශ්‍රම බලකා වාර්තාවට අනුව 2024 වසරේ 4.5ක් වූ පළමු කාර්තුවේ විරැකියා අනුපාතය 2025 දී 3.8ක් දක්වා පහළ ගොස් ඇති බවද එහිදී ඇය පැවසුවාය.

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

විශේෂ නිවාඩුවක් - අයහපත් කාලගුණය නිසා මේ පැති වලට දින නියමයක් නැතිව නිවාඩු

එමෙන්ම 2024 වසරේ දෙවන කාර්තුවේ 4.7ක්ව පැවති විරැකියා අනුපාතය 2025 වසරේ දී 3.8ක් දක්වා පහළ බැස ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය. එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ අධ්‍යාපන සුදුසුමක් අනුව විරැකියාවෙන් පෙළෙන පුද්ගල සංඛ්‍යාව අපොස සාමාන්‍ය පෙළට පහළ, එක්ලක්ෂ තුන්දහස් තුන්සිය අටක (103,308) ප්‍රමාණයක් සිටින බවත් අපොස සාමාන්‍ය පෙළ සමත් පිරිස අනූඑක් දහස් හාරසිය පහක් (91,405) වන බවත් ය.

අපොස උසස් පෙළ සමත්, එක්ලක්ෂ විසි අටදහස් නවසිය අසූ හතරක් (128,984) මෙසේ විරැකියාවෙන් පෙළෙන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය උපාධිය සහ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් ඇති 42,254ක ප්‍රමාණයක් විරුකියාවෙන් පෙළෙන බව පැවසුවාය. එමෙන්ම දැනටමත් 12,000ට අධික උපාධිදාරීන් පිරිසකට මේ වන රැකියා ලබා දී ඇති බවත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති ආකාරයටම ඉතිරි පිරිසටත් රැකියා ලබා දීමට කටයුතු කරන බවත් සදහන් කලාය.

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

මෙන්න ඉන්ධන මිල සංශෝධනයක්

ගුරුපත්වීම් පිළිබඳ නඩු මේ වන විට අවසන් වී ඇති බවත් අභියාචනාධිකරණයෙන් නිල වශයෙන් දැනුම් දුන් වහාම බඳවා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් පැවසීය.