සුවසැරියට ලෝකේ තියෙන නවීනතම තාක්ෂණය - සුවසැරියට ආයෙත් වැඩ දාන්න යන නලින්ද

Report

නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සඳහා කෙරෙන විශේෂ පුහුණු වැඩසටහනට එක්වෙමින්.

එම අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා අවශ්‍ය වූ සැලසුම් සහ ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවයි.

ගුවන්තොටුපලේ සුපිරි වැඩක් පටන් අරන්

ගුවන්තොටුපලේ සුපිරි වැඩක් පටන් අරන්

එමෙන්ම මෙම ගිලන් රථ සේවාවට ලොව පවත්නා නවීනතම තාක්ෂණය එක් කරමින් නව්‍යකරණයට ලක් කිරීමටද කටයුතු කරන බව ද සඳහන් කළා.

ඊට අමතරව අමාත්‍යවරයා කියා සිටියේ ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර තවත් ගිලන්රථ 100ක් ලබා ගැනීමට කටයුතු කරන බවත්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන් රථ 20ක් ණය ආධාර යටතේත් තවත් ගිලන් රථ 25ක් ප්‍රදානයක් ලෙසත් ලැබීමට නියමිත බවත් ය. 

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

ආයේ ඉන්ධන මිලට ගන්න වෙන්නෙ මෙහෙමයි - අලුත් ක්‍රමයක්

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්

අවුරුදු 26ට වැඩි අවිවාහකයන්ට මෙන්න සුබ ආරංචියක්