ජුලි 14 සිට ජුලි 20 දක්වා විශේෂ සතියක් - ගර්භණීයන්, ගුරුභවතුන් හා දෙමව්පියන් ඇතුළු රැසකට විශේෂයි

Report

“මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය” 2026 ජුලි 14 දින සිට ජුලි 20 වන දින දක්වා සැමරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙවර එය සමරනුයේ “විකසිත වන ළමා ලොවට හිරු කිරණකි සතුටු පවුල” යන්න තේමා කරගනිමින්ය.

ශාරීරික, මනෝ සමාජයීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකික මුල් ළමා විය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් මෙම සතියට සමගාමීව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මුළු දිවයිනම ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මකයි.

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

ලංකාවේ උපාධිදාරීන් ජපානයට යවන්න රජයෙන් සූදානමක් - සුදුසුකම් තියෙනවනම් හෙටම ඉල්ලුම් කරන්නයි විදේශ කටයුතු ඇමතිගෙන් ප්‍රකාශයක්

ගර්භණී සහ කිරි දෙන මව්වරුන්,මුල් ළමාවිය දරුවන්, මුල් ළමාවිය සංවර්ධනය, රැකවරණය සහ පෝෂණය යන විෂය ක්ශේත්‍රයන්හි ප්‍රතිපත්ති සම්පාදකයින්, පෙරපාසල් ගුරුභවතුන් සහ දෙමව්පියන් ඉලක්ක කර ගනිමින් මෙම සති වැඩසටහන සම්පාදනය කර තිබේ.

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්

බැංකු ගිණුමක් හිමි ශ්‍රී ලාංකිකයන්ට පොලිසියෙන් විශේෂ නිවේදනයක්