ලංකාවේ ඉඳන් ඉන්දියාවට යන්න රු.26,000 යි. - ලබන සතියේ ඉදන් ඇරඹේ.- ඉරිදා හැර සතියේ දින 6ම.

Sri Lanka Government Of Sri Lanka India
By Wayomi Aug 08, 2024 03:02 AM GMT
Wayomi

Wayomi

Report

ඉන්දි­යාවේ නාග­ප­ට්ටි­නම් සිට කන්ක­ස­න්තුරේ අතර පවත්වා ගෙන ගිය මගී නැව් සේවාවේ දෙවන අදි­ය­රය යළිත් ලබන සතියේ සිට ආරම්භ කිරී­මට නිය­මිත බව ‘ශිව ගංගා’ නැව් සමා­ගම නිවේ­ද­නය කර තිබෙනවා.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.


මුලින්ම ‘චෙරි­ය­පානී’ නැව් සමා­ගම විසින් දෙරට අතර මේ මගී නැව් සේවාව පවත්වා ගෙන ගියා.

වසර 18කට පසු ආයුර්වේද වෛද්‍යවරුන්ට සුවිශේෂී දීමනාවක්. - දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

වසර 18කට පසු ආයුර්වේද වෛද්‍යවරුන්ට සුවිශේෂී දීමනාවක්. - දැන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.


කෙසේ වෙතත් හදි­සි­යේම ඇති වූ කාල­ගු­ණික විප­ර්යා­සය නිසා එම නැව් සේවාව තාව­කා­ලි­කව නවතා දමන්න සිදු විය.

අනතුරුව ‘ශිව ගංගා’ නැව් සේවාව දෙවන අදි­ය­ර­යේදී එම නැව් සේවාව ආරම්භ කිරී­මට අවස්ථා කිහි­ප­යක්ම සූදා­නම් වූවත් එය අසා­ර්ථක වූයේ තාක්ෂ­ණික දෝෂ හේතුවෙන්.

පියුමි හංසමාලි උපන් දිනයදා අම්මාගේ අතේ දියමන්ති පැළඳු හැටි. - (PHOTOS)

පියුමි හංසමාලි උපන් දිනයදා අම්මාගේ අතේ දියමන්ති පැළඳු හැටි. - (PHOTOS)


නමුත් ලබන සති­යේදී මේ නැව් සේවාව ආරම්භ වීමත් සම­ඟම එක් මගි­ය­කුට තනි ගමන් ගාස්තුව රුපි­යල් 26,000ක් වන අතර, එක් වාර­ය­කදී කිලෝ ග්‍රෑම් 60ක් සමඟ මගීන් 150කට මේ නෞකාවේ ගමන් කළ හැකියි.

මෙම නැව් සේවා­වෙන් ගමන් කරන මගීන්ට යාප­නයේ ස්ථාන තුන­කදී සහ ඉන්දි­යාවේ ස්ථාන 12කදී අදාළ ටිකට් පත් මිලට ගැනී­මට ද කට­යුතු සූදා­නම් කර තිබෙනවා.

සතියේ ඉරිදා දිනය හැර අනෙක් දින 6 ය පුරාම දෛනි­කව මේ නැව් සේවාව පවත්වා ගෙන යන බව ද ශිව ගංගා නැව් සේවාව නිකුත් කළ නිවේ­ද­නයේ දැක්වෙනවා..  

බිත්තර රුපියල් 35ත් අඩුවෙන්. - එය අඩු වන ප්‍රමණය ගැන වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්.

බිත්තර රුපියල් 35ත් අඩුවෙන්. - එය අඩු වන ප්‍රමණය ගැන වෙළඳ ඇමතිගෙන් ප්‍රකාශයක්.