බස් වල ගමන් කරන්නන්ට සුභ ආරංචියක් - ආයේ අමාරුවෙන් ගිය කාලේ ඉවරයි
තවත් මෙට්‍රො බස් 104ක් අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට ගෙන්විමට නියමිත අතර මීට අදාළ ගිවිසුමට ප්‍රවාහන අමාත්‍යාංශයේ දී අද(18) අත්සන් තැබූවා.
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා මෙට්‍රොබස් ධාවනයට යෙදවීමට කටයුතු කෙරුණා.
ඒ අනුව ප්‍රවාහන අමාත්‍යාංශයේ මෙහෙය වීමෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අනුබද්ධිත සමාගමක් වන මෙට්‍රෝ ට්‍රාන්සිට් සඳහා නව බස් රථ 104ක් ආනයනය කිරීමට නියමිතයි.
ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා මහතා සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ සාමාජිකයන් ඊට එක්ව සිටියා.
මොට්‍රෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බී එම් පියතිලක මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.