ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක් කෙරේ..
මේ දිනවල සංවිධානාත්මක කල්ලි විසින් සිදු කරනු ලබන සූක්ෂ්ම මුදල් වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව දැනුවත් කරනවා.
නිවේදනයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, මෙම සංවිධානාත්මක පාර්ශ්වයන් විසින් තාවකාලිකව අවහිර කර ඇති තම ගිණුම්වලට විශාල විදේශීය හෝ දේශීය මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත්, එම මුදල් ප්‍රමාණය ලබා ගැනීමට සහයෝගය දෙන්නෙකු හට ආකර්ෂණීය මුදල් ප්‍රමාණයක් ත්‍යාග වශයෙන් ලබා දිය හැකි බවත් පවසමින්, පුද්ගල පෙළඹවීම් සිදු කරන බවයි.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, මේ ආකාරයට තාවකාලිකව අවහිර කර ඇති ගිණුම්වලට යොමු කරන මුදල් නිකුත් කිරීම සඳහා ඔවුන්ට තවත් ලබා ගත යුතුව ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකු අනුමැතිය පමණක් බව පවසමින් මෙම පෙළඹවීම් කරන බවයි.
මෙම සංවිධානාත්මක වංචනික කල්ලි ඇතැම් අවස්ථාවලදී විවිධ ගිණුම්වලට විශාල මුදල් බැර කර ඇති බවට සඳහන් වන ව්‍යාජ ලියකියවිලි ද පෙන්වන බවට තොරතුරු ලැබී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
පළමුව මෙවැනි ව්‍යාජ ලිපි ලේඛන පෙන්වා පෙළඹවීම් සිදුකර පුද්ගලයින්ගේ විශ්වාසය දිනා ගන්නා මෙම කල්ලි ඉන්පසුව සහාය දීමට ඉදිරිපත් වන පුද්ගලයින්ගේ පුද්ගලික හැඳුනුම් අංක (PIN), කාඩ්පත් සත්‍යාපන අගය (CVV), එක් වරක් පමනක් මුදා හැරෙන මුරපද (OTP) වැනි ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ්පත් විස්තර ඇතුළුව ගනුදෙනුකරුවන්ගේ සියලු ගිණුම් විස්තර ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දක්වෙන්නේ.
මෙලෙස මෙම ව්‍යාජ ගනුදෙනුව ඉදිරියට ගෙන යාම සඳහා ජංගම හෝ අන්තර්ජාල බැංකුකරණයේ (OTP) වැනි විස්තර සැපයීම එම හරහා එම ගනුදෙනුකරුවන් බරපතළ මූල්‍ය අනතුරකට ලක් වන බවටත් මහ බැංකුව අනතුරු අඟවනවා.
එමෙන්ම මහ බැංකුව මෙම නිවේදනය හරහා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, එවැනි වංචනික දැනුම්දීම් හෝ පෙළඹවීම් නොසලකා හරින ලෙස හා මෙම වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.
එමෙන්ම තම ගිණුම් භාවිතා කරමින් සිදුවන ඕනෑම වංචනික ක්‍රියාවක් පිළිබඳව ක්ෂණිකව දැනුවත් වන පරිදි, SMS දැනුම්දීම් වැනි කාලීන දැනුම්දීමේ සේවාවන් තමන් සේවා ලබා ගන්නා බැංකුවලින් ලබා ගන්නා ලෙසටත් මහා බැංකුව මහජනතාවට උපදෙස් දෙනවා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |