ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ..! චාමික, ලහිරු ඇතුළු පිරිසක් සංචිතයෙන් ඉවතට..?
By Sewvandhi
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන නිල සංචිත ප්‍රකාශයට පත්කර තිබෙනවා.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
නිමාවු නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සඳහා නම්කර තිබු නිරෝෂන් දික්වැල්ල, ඕෂධ ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නට මෙවර ටෙස්ට් කණ්ඩායමේ සිය ස්ථාන අහිමි වී ඇති බව වාර්තා වනවා.
ඊට අමතරව වේගපන්දු යවන ක්‍රීඩකයින් වන කසුන් රාජිත සහ ලහිරු කුමාර ද මෙම තරඟාවලියෙන් විවේක ගන්වා තිබේ.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා අයර්ලන්ත කණ්ඩායම පසුගිය සතියේ දිවයිනට පැමිණි අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 16 වනදා ගාල්ලේ දී ආරම්භවීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
