T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය අද
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය අද දිනයේ පැවැත්වීමට නියමිතය.
ඒ ඕමාන කණ්ඩායමට එරෙහිවයි.
එම තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ තරගය ආරම්භ වන්නේ පෙරවරු 11ටයි. පළමු තරගයේදී ආබාධයකට ලක් වූ වනිදු හසරංග තරගාවලියෙන් ඉවත් කෙරිණි.
ඔහු වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට කැදවූයේ දුෂාන් හේමන්ත ක්‍රීඩකයයි. මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද දිනයේ පැවැත්වේ.
එක් තරගයක් පැවැත්වෙන්නේ ඉතාලිය හා නේපාලය අතර වේ. ඒ වගේම අනෙක් තරගය ඉන්දියාව හා නැමීබියාව අතර පැවැත්වීමට නියමිතය.
මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් ජය වාර්තා කිරීමට බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමත් විය.