බිලියන ගනන් වැය කරපු දේකට දැන් වෙලා තියන දේ..

By Sithumi Jun 24, 2023 04:20 PM GMT
Report

2019 වසරේදී රුපියල් බිලියන තුනකට අධික මුදලක් වැයකර අධ්‍යාපන අමාත්‍යංශය විසින් මිලදී ගනු ලැබූ ටැබ් පරිගණක හා ආරෝපණ රාක්ක ඵලදායි අයුරින් භාවිතයට ගෙන නොමැති බවට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී  අනාවරණය වී තිබෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවට ඊයේ (23) කැඳවූ අවස්ථාවේදී ඒ බව අනාවරණය වුණේ.

විගණකාධිපති ඩබ්ලිව්. පී. සී වික්‍රමරත්න මහතා, "බිලියන 3.4ක් වියදම් කරලා ටැබ් පරිගණක 96,919ක්. ආරෝපිත රාක්ක 2,639ක් මිලදී ගත්තා. 6 - 11 ශ්‍රේණිවලට බෙදා දුන්නා. නමුත් මිලදී ගත්තේ උසස් පෙළ පංතිවල සිසුන්ට.

තවත් ටැබ් 3,892ක් රජයේ ආයතන තුනකට දුන්නා. වියදම් කරපු රුපියල් බිලියන 3ම නිශ්කාර්ය වියදමක්." තොරතුරු හා සන්නිවේදන අධ්‍යාපන අධ්‍යක්ෂිකා  වාසනා එදිරිසූරිය මහත්මිය,

"උ/පෙළ සිසුන්ට තමයි මුළින්ම ටැබ් දෙන්න යෝජනා වුණේ. පසුකාලීනව අමාත්‍ය මණ්ඩල නිර්දේශයක් දැම්මා විශේෂඥ කමිටුවක් පත්කරන්න. කමිටුවෙන් යෝජනා වුණේ 6-11 සිසුන්ට දෙන්න."

"බෙදන අවස්ථාවවන විට කාලය ඉකුත් වෙලා තිබුණේ නැහැ. දැන් ඒ ටැබ්වල ගැටලු ටිකක් තියෙනවා. අපි බලන්නේ දෙකක් එකතු කරලා හරි එකක් හදාගන්න." මේ පිළිබඳ සම්පූර්ණ විස්තර ඉහත වීඩියෝවෙන් නරඹන්න..