කොරියා යන්න බැරි වුණාද? කොරියා සිහිනය සැබෑ කරන්න අලුත්ම වැඩක්
ඊයේ (24) දින සොල් නුවරදී විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ (HRDK) නිලධාරීන් අතර කොරියානු රැකියා සඳහා වෙන් කරන කෝටා ප්‍රමාණය, පොරොත්තු ලේඛන ගැටළු, ක්‍රියාවලියේ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡාවක් සිදුවිය.
EPS (Employment Permit System) ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකා කොරියා රැකියා හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම, කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමවේදයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සහ පවතින රාමුවෙන් ඔබ්බට සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳ මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.
විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පවසා සිටියේ කොරියානු භාෂා නිපුණතාවය ශක්තිමත් කිරීම, සේවා ස්ථාන විනය වර්ධනය කිරීම, රැකියා සඳහා පිටත්වීමට පෙර දිශානති සහ තාක්ෂණික පුහුණුව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කළ බවයි.
අමාත්‍යවරයා විසින් කොරියානු නිලධාරීන්ට වැඩිදුරටත් පවසා සිටියේ කුසලතා සංවර්ධනය සඳහා ගැඹුරු ආයතනික හවුල්කාරිත්වයන් ස්ථාපිත කිරීම, ශ්‍රී ලංකික ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීම සහ ගෝලීය අපේක්ෂාවන්ට සරිලන විශ්වසනීය හා වෘත්තීය ශ්‍රම බලකායක් ගොඩනැගීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සමග කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.