මීට සුළු මොහොතකට පෙර කාවන්තිස්ස හස්තිරාජයා මියයයි

Report

මෙරට සිටින විශාලතම සහ උසම වන අලියෙකු ලෙස ප්‍රකට කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් ඇත. අසනීප තත්ත්වයෙන් පසුවූ එම හස්තිරාජයා අද උදෑසන සියඹලන්ගමුව ප්‍රදේශයේ ඇදවැටී සිටියදී හමුවිය.

ගල්ගමුව ප්‍රදේශයේ ජීවත් වන මෙම ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පසුගිය කාලයේ ගැටලු මතුව තිබූ අතර, ඔහුගේ ඉදිරි දකුණු පාදයේ වෙඩි වැදීමකින් ඇති වූ බව කියන තුවාලයකට පසුගිය 24 වැනිදා පස්වරුවේ සිට ප්‍රතිකාර ආරම්භ කර තිබුණා.

මීට සුළු මොහොතකට පෙර කාවන්තිස්ස හස්තිරාජයා මියයයි | Sri Lanka S Giant Elephant Kawanthissa Dies

පාදයේ තුවාලය යම්තාක් දුරට සුව වී තිබුණත්, පසුගිය දින කිහිපයේ ආහාර නොගැනීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ ඇතාගෙන් නිරීක්ෂණය වූ බව පශු වෛද්‍ය කණ්ඩායම් පවසා තිබුණි.

මියගිය හස්තිරාජයා ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තැබූ සටහන පහතින්,