2027දී ශ්‍රී ලංකා ආර්ථිකයට මොනවා වෙයිද? - IMF වෙතින් අලුත් පුරෝකථනය මෙන්න

Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කළ නවතම ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව, 2027 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 3.7%කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එම වාර්තාවට අනුව, 2026 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ අනුව, 2025 වසරේ වාර්තා වූ 5%ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව ඉදිරි වසර දෙක තුළ වර්ධන වේගය අඩුවනු ඇතැයි IMF පෙන්වා දෙයි.

2026 ඔක්තෝබර් මාසයේ නිකුත් කළ World Economic Outlook Resilience Under Strain, Urgent Choices නම් වාර්තාව මඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් මෙම පුරෝකථන ඉදිරිපත් කර තිබේ.

උද්ධමනය ඉහළ යනු ඇතැයි අපේක්ෂා

කෙරේ ශ්‍රී ලංකාවේ උද්ධමන අනුපාතය 2026 වසරේදී 5.3%ක් සහ 2027 වසරේදී 5.4%ක් වනු ඇතැයි IMF පුරෝකථනය කර තිබේ.

2025 වසරේදී වාර්තා වූ ඍණ 0.5%ක උද්ධමන අනුපාතය සමඟ සසඳන විට එය ඉහළ යෑමකි.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂය 2025 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6%ක අතිරික්තයක් වාර්තා කළද, 2026 වසරේදී එය 0.5%ක හිඟයක් දක්වාත්, 2027 වසරේදී 0.3%ක හිඟයක් දක්වාත් වෙනස් වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.

මේ අතර, ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය 2026 සහ 2027 යන වසර දෙකේදීම 3.9% මට්ටමේ පවතිනු ඇතැයි IMF අපේක්ෂා කරයි.

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ නැවත රිමාන්ඩ්

ලෝක ආර්ථික වර්ධනය පිළිබඳවත් පුරෝකථනයක්

IMF වාර්තාවට අනුව, ලෝක ආර්ථික වර්ධන වේගය 2025 වසරේ පැවති 3.5% සිට 2026 වසරේදී 3.1% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එහෙත් 2027 වසරේදී එය 3.4% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබේ. මැදපෙරදිග පවතින ගැටුම්, වෙළෙඳ ආතතීන් සහ බලශක්ති පිරිවැය ඉහළ යෑම වැනි අභියෝග හමුවේ වුවද ලෝක ආර්ථික ක්‍රියාකාරකම් සාපේක්ෂව ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බව IMF සඳහන් කරයි.

කෙසේ වෙතත්, බලශක්ති මිල වෙනස්වීම්, භූදේශපාලනික අවිනිශ්චිතතාව සහ ලෝක ඉල්ලුමේ වෙනස්වීම් හේතුවෙන් රටවල් මුහුණ දෙන අවදානම් එකිනෙකට වෙනස් බව ද එම අරමුදල පෙන්වා දෙයි.

ප්‍රධාන ආර්ථිකයන්ගේ වර්ධන අපේක්ෂා

නැගී එන වෙළෙඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි වර්ධන වේගය 2026 වසරේදී 3.7% දක්වා අඩුවී, 2027 වසරේදී 4.4% දක්වා ඉහළ යනු ඇතැයි IMF පුරෝකථනය කර තිබේ.

එමෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධනය 2026 සහ 2027 යන වසර දෙකේදීම 2.3%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනයේ ආර්ථිකය 2026 වසරේදී 4.5%කින් වර්ධනය වනු ඇතැයි ද, ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය 7%ක් වනු ඇතැයි ද වාර්තාවේ සඳහන් වේ.

ගෝලීය උද්ධමනය ගැන IMF අනතුරු ඇඟවීමක් ලෝක උද්ධමන අනුපාතය 2025 වසරේ පැවති 4.1% සිට 2026 වසරේදී 4.7% දක්වා ඉහළ යනු ඇතැයි IMF පුරෝකථනය කර තිබේ.

2027 වසරේදී එය යළිත් 4.1% දක්වා පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. බලශක්ති සහ ආහාර මිල ඉහළ යෑම මෙයට බලපාන ප්‍රධාන සාධක ලෙස දක්වා තිබේ.

මැදපෙරදිග ගැටුම් දිගුකාලීන වීම, බලශක්ති සැපයුම් අඩාල වීම, වෙළෙඳාම සම්බන්ධ අවිනිශ්චිතතාව සහ මූල්‍ය අවදානම් ගෝලීය ආර්ථික ස්ථාවරත්වයට තවදුරටත් බලපෑම් එල්ල කළ හැකි බවට IMF අනතුරු අඟවා ඇත.

තිරසාර ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ආරක්ෂිත සංචිත යළි ගොඩනැගීම, බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කිරීමේ වැදගත්කම ද එම අරමුදල අවධාරණය කර තිබේ.

පළාත් 6කට ප්‍රබල අකුණු සහ තද සුළං අවදානමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදාත්මක නිවේදනයක්

පළාත් 6කට ප්‍රබල අකුණු සහ තද සුළං අවදානමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි අවවාදාත්මක නිවේදනයක්