රුපියල ශක්තිමත් වෙයි..ශ්‍රී ලංකිකයින්ට වාසි රැසක්..ඇමතිගෙන් විශේෂ දැනුම්දීමක්..

Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Shehan Semasinghe Economy of Sri Lanka
By Aruna Apr 28, 2024 06:20 AM GMT
Aruna

Aruna

Report

රුපියල ශක්තිමත්වීමේ වාසිය ක්‍රමයෙන් ජනතාවට ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටිනවා.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, විනිමය අනුපාතය වෙළඳ පොල ඉල්ලුම සහ සැපයුම මත තීරණය වන බවට අවබෝධ කරගැනීම වැදගත් බවයි.

එමෙන්ම, සාර්ව ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය හඳුනාගනිමින් රජය ගත් ආර්ථිකය ස්ථාවර කිරීමේ පියවරයන් මේ වනවිට සාර්ථක වී ඇති බවයි, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ අනුව, මෙම සියලු පියවරයන් හමුවේ රට නව සංවර්ධන මාවතකට අවතීර්ණ වන බවයි, සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, මෙම වසරේ අප්‍රේල් 26 දක්වා වූ කාලය තුළ රුපියල, ඩොලරයට සාපේක්ෂව 9% කින් අතිප්‍රමාණ වූ බව මහ බැංකුව පසුගියදා ප්‍රකාශ කළේ ය.

එමෙන්ම මහ බැංකු වාර්තා පෙන්වා දෙන්නේ, අනෙකුත් විදේශීය මුදල් ඒකකවලට සාපේක්ෂවද රුපියල අතිප්‍රමාණ වූ බවයි.

ඒ අනුව, රුපියල ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 20 කින්ද, ස්ටර්ලිං පවුමට සාපේක්ෂව සියයට 11 කින්ද අතිප්‍රමාණ වී තිබීම විශේෂත්වයක්.

මහ බැංකුව සඳහන් කළේ, යුරෝවලට සාපේක්ෂව සියයට 12.6 කින් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 9.2 කින් රුපියල අතිප්‍රමාණ වී ඇති බවයි.