රටම ඩොලරයේ විකුණුම් මිල හොයද්දි මහ බැංකුවෙන් රුපියල ගැන දැනුම්දීමක්
ඊයේ(23) දිනයට සාපේක්ෂව අද (24) දින ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අධිප්‍රමාණය වී ඇති අතර, ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය නොවෙනස්ව රුපියල් 340 ක අගයක් ගෙන ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් අනුපාතය රු. 331.64 සිට රු. 331.62 දක්වා පහත වැටී තිබෙනවා.
එසේම එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතය ද රුපියල් 340.87 සිට රුපියල් 340.79 දක්වා පහත වැටී ඇත.
කෙසේ වුවත් ගල්ෆ් මුදල් ඇතුළු විදේශීය මුදල් කූඩයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී ඇති බව සඳහන්.