රූපවාහිනි සංස්ථාවේ උණුසුම් තත්ත්වයක් (PHOTO) (VIDEO)
ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් අද ඇති විය.
ඒ එම ආයතනයට පත් කරන ලද ඉහළ නිලධාරිනියක් ඉවත් කරන ලෙස සේවකයන් විසින් විරෝධතා දැක්වීම මතයි.
ඇතිවූ උණුසුම් තත්ත්වය මත ඉහළ නිලධාරියෙකු එම ස්ථානයෙන් ඉවත්ව යද්දී සේවකයන් ඔහුව වටකර ගත්හ මෙසේ විරෝධය එල්ල කර ඇත්තේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් මනෝජ් නදීෂන අමරසිංහ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනූජා ආරියරත්න දෙදෙනාටයි.