ලංකාවම කණපිට ගැසූ හදිසි විදුලි බිඳ වැටීම - ඉන්ධන පිරවුම් අසළ දිගු පෝලිම් - ජල පවිත්රාගාර කටයුතුත් ඇනහිටියි
ජාතික පද්ධති ක්රියාකරු සමාගම පවසන්නේ විදුලි සැපයුම රාත්රී 09.56 වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බවයි. ඊයේ (17) උදෑසන 11.45 ට සම්ප්රේෂණ පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් පමණ දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් වාර්තා විය.
ඉහළ කොත්මලේ විදුලි බලාගාරයේ ඇති වූ දෝෂයක් ඊට හේතු වන්නට ඇතැයි සැක කල අතර බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ විදුලි බිඳවැටීමට හේතුව තවමත් අනාවරණ කර නැත.
මෙම විදුලිය බිඳවැටීම හේතුවෙන් ජනතාව, ව්යාපාරිකයන් මෙන්ම කර්මාන්තකරුවන් දැඩි දුෂ්කරතාවකට මුහුණ දුන්නහ. ඒ සමග ඉන්ධන නිකුත් කිරීමද ඇණහිටීම හේතුවෙන් ඉන්ධන පිරවුම් අසළ දිගු පෝලිම් දක්නට ලැබිණි.
විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්ය කටයුතු කඩිනමින් ඇරඹි අතර ඒ අනුව වහලය මත සවි කර ඇති සූර්ය පැනල ක්රියා විරහිත කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු සමාගම එම හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටින ලදී. විදුලි බිඳවැටීමත් සමග අඹතලේ සහ බියගම ජල පවිත්රාගාරවල කටයුතු ද ඇනහිට තිබිණි.
මේ අතර සම්ප්රේෂණ පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවත් සමග සමනලවැව සහ නව ලක්ෂපාන යන විදුලි බලාගාර හැර නොරොච්චෝලේ ඇතුළු සෙසු සියලු බලාගාර අක්රීය වූ බව බලශක්ති අමාත්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් ජාතික පද්ධති ක්රියාකරු සමාගම ඉන්පසුව ප්රකාශ කළේ ඇතැම් බලාගාර බිඳවැටී ඇති බවට පැතිර යන පුවත්වල සත්යතාවක් නොමැති අතර නොරොච්චේලේ පමණක් නිසි ක්රමවේදයට අනුව ක්රියාවිරහිත කර ඇති බවය.
පස්වරුව වන කොළඹ, ගම්පහ ගාල්ල සහ බදුල්ල යන දිස්ත්රික්වල විදුලි සැපයුම යථාවත් කෙරුණු අතර පස්වරු 05.30 පමණ වන විට ජාතික සම්ප්රේෂණ පද්ධතියේ බිඳවැටීම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකිවූ බව ජාතික පද්ධති ක්රියාකරු සමාගම සඳහන් කළේ. කෙසේවෙතත් මින්නේරිය, මැදිරිගිරිය, බණ්ඩාරගම ඇතුළු ප්රදේශ කිහිපයක විදුලි සැපයුම රාත්රී 09 වනවිටත් යථා තත්ත්වයට පත්ව නොතිබිණි.