ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය ලංකාව දෙසට- ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක්
මවගෙන් දරුවාට HIV සහ උපදංශ (Syphilis) සම්ප්‍රේෂණය මහජන සෞඛ්‍ය ගැටලුවක් නොවන මට්ටමට අවම කරමින් එම තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාවට විශේෂ ඇගයීමක් ප්‍රදානය කර තිබේ.
මෙම ඇගයීම් සහතිකය අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවේදී ශ්‍රී ලංකාව වෙත පිරිනමා ඇත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන් සහ ගෝලීය උපදේශන කමිටු නිර්දේශයන්ට අනුකූලව, මවගෙන් දරුවාට HIV සහ උපදංශ සම්ප්‍රේෂණය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය ඇගයීමට ලක් කරමින් මෙම සම්මානය ප්‍රදානය කර ඇත.
ඇගයීම් සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr. Tedros Adhanom Ghebreyesus විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ප්‍රදානය කරනු ලැබ තිබේ .