මියන්මාරයෙන් ආධාර තොගයක් ලංකාවට

Report

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මියන්මාරයෙන් ආධාර රැගෙන එරට හමුදාවේ ගුවන් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුරට පැමිණ තිබේ.

මෙම ගුවන් යානය ඊයේ (06) රාත්‍රීයේ මියන්මාර රජයේ දූත පිරිස සමග පැමිණි අතර, ආධාර තොගය යටතේ සනීපාරක්ෂක ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු වේ.

මේ ජලාශ තවදුරටත් වාන් දමයි - ජනතාවට නිවේදනයක්

මේ ජලාශ තවදුරටත් වාන් දමයි - ජනතාවට නිවේදනයක්

සහනාධාර භාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපතිනී මාර්ලා තාන් ටයික්, මියන්මාර රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සෝ ෆියෝ වින් ඇතුළු රජයේ නියෝජිතයන් රැසක් සහභාගී විය.

එමෙන්ම, භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් සැලසුම් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා සහ ගුවන් හමුදා නිලධාරීන්ගේ පිරිසක්ද සහභාගී වූහ.

ඊසාන දිග මෝසම කාලගුණය උඩු යටිකුරු කරයි - උදේට මීදුම හවසට ගිගුරුම් සහිත වැසි

ඊසාන දිග මෝසම කාලගුණය උඩු යටිකුරු කරයි - උදේට මීදුම හවසට ගිගුරුම් සහිත වැසි