මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ රජයේ සූදානම ගැන ඇමති පන්නිල කියයි

Report

මේ වනවිට මැදපෙරදිගට බලපා ඇති යුදමය තත්වයෙන් ඇතිවන බලපෑම ගැන අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් ඇතිවිය හැකි ඕනෑම තත්වයක් සඳහා මුහුණ දීමට රජය සූදානම් බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල මහතා සදහන් කර තිබේ.

කැලණිය ආසනයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකාවක එක්වෙමින් අමාත්‍යවරයා මේ බව  සදහන් කර තිබේ.

කැලණිය ඊරියවැටිය, සාප්පුවත්ත දෙනිමුල්ල මාර්ගයේ වැඩ අවසන් වූ පාලම ජනතා අයිතියට පැවරීම, නිවාස සංවර්ධන අධිකාරිය මගින් අඩු ආදායම් ලාභී පවුල සඳහා ක්‍රියාත්මක “තමන්ගෙම තැනක් ලස්සන ජීවිතයක්” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද නිවසක් නිවාස ලාභී පවුලට ලබාදීම සිදු වේ.

මෙම අවස්තාවට කැලණිය ප්‍රාදේශීය සභා සභාපති සඳුන් යාපා මහතා, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, ප්‍රදේශවසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.

සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු දැමූවායැයි කියූ තරුණයා නිදහස්

සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු දැමූවායැයි කියූ තරුණයා නිදහස්

එහිදී වැඩනිම වූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පවරාදීමද සිදු කරන ලදි.

   මෙම අවස්තාවේදී එතුමා සදහන් කළේ මෙවන් අදහසක්

”මැදපෙරදිග උත්ගතව ඇති යුදමය තත්වය දිර්ඝ කාලීනව පැවතුනහොත් එහි ඝෘජු හා වක්‍ර බලපෑම් අපේ රටේ ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට බලපානවා. එය කිසිසේත් එය වලක්වා ගත හැකි තත්වයක් නෙවෙයි. ,, එය පාලනය කිරීම සඳහා රජය නිරන්තරයෙන් ඒ පිළිබඳව අවධානයෙන් මෙන්ම සැලසුම සහිතව සිටිනවා. මෙම තත්වය අවබෝධ කරගෙන සියළුදෙනා කටයුතු කළ යුතුයි. කිසිම අයුරකින් කලබලයට පත්විය යුතු නැහැ”