අදින් පසු නීතිඥයින්ට අධිකරණයට ඇතුල් වීමට බාධකයක්. - පොලිසියෙන් කරන්න යන දේ මෙන්න.

Report

ඉදිරියේදී සියලුම නීතිඥයින් අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට පෙර පරීක්ෂාවන්ට භාජනය කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ, අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ සිදු වූ නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් තුවක්කුකරුවෙකු විසින් පාතාල නායක ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිදුවීමෙන් පසුවයි.

අධිකරණයේ නීතිඥයින් පරීක්ෂා නොකිරීමේ අවස්ථාවෙන් ඝාතකයා ප්‍රයෝජන ගත් බවත් අධිකරණ පරිශ්‍රයේ පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් වැඩබලන පොලිස්පතිවරයා පවසනවා.

ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනිඅවිය ගෙනාවේ නීතිඥ වෙස්ගත් කාන්තාවගේ තොරතුරු හෙළිවෙයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

ගණේමුල්ල සංජීව ඝාතනයට ගිනිඅවිය ගෙනාවේ නීතිඥ වෙස්ගත් කාන්තාවගේ තොරතුරු හෙළිවෙයි. - පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

එමෙන්ම මෙම ආරක්ෂක පියවර ක්‍රියාත්මක කිරීමේදී සහයෝගයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ඉල්ලා ඇති බවත්, අධිකරණ පරිශ්‍රයන්හි ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා සන්නද්ධ නිලධාරීන් යෙදවීමට අදාළ බලධාරීන්ගෙන් අවසර ලබා ගන්නා බවත් ඔහු සඳහන් කරනවා.

අද උදෑසන අධිකරණ ශාලාව තුළදී සංජීවට වෙඩි තබා ඝාතනය කළ සැකකරුල ප්‍රහාරයෙන් පසු වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වයි.

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හීන් සීරුවේ උසාවියට රිංගන හැටි. - CCTV දර්ශන එළියට. - (VIDEO)

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හීන් සීරුවේ උසාවියට රිංගන හැටි. - CCTV දර්ශන එළියට. - (VIDEO)


You May Like This Video👇