පොලිස් නිලධාරීන් Online වංචාවට හසුවෙයි. - OTP දීලා ලක්ෂ ගානක් නැති කරගනී. - අධිකරණයේදී හෙළි වූ දේ මෙන්න.

Report

පොලිස් නිලධාරීන් ඔන්ලයින් මුදල් වංචාවන්ට හසු වී ඇති බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊ​යේ (20) අනාවරණය වී තිබෙනවා.

ඒ, මාර්ගගත ක්‍රමය ඔස්සේ (Online) රුපියල් එක්ලක්ෂ පනස් දහස් නවසිය හැට හතක් (150967)ක මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් මැදිරිගිරිය පදිංචි පොලිස් නිලධාරියකු වන පැතුම් සම්පත් ඒකනායක විසින් බම්බලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් ඊයේ කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසාන් අමරසේන විවෘත අධිකරණයේදී පොලිසියෙන් විමසූ කරුණුවලදීයි.

මෙම ඔන්ලයින් වංචාවට හසුවී අදාළ පැමිණිල්ල කර තිබූ පැමිණිලිකරු ​පොලිස් නිලධාරියකු දැයි අතිරේක මහෙස්ත්‍රාත්වරයා, බම්බලපිටියේ පොලිස් නිලධාරීන්ගෙන් විමසා සිටි අතර, එහිදී ඔහු පොලිස් නිලධාරියකු බවත්, බැංකු මගින් එක්වරක් පමණක් ලබාදෙන අංකයන්ද (OTP) ලබාදී ඇති බවත් අධිකරණය වෙත දන්වා ඇත.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

රාජ්‍ය සේවකයන් ගැන විශේෂ තීරණයක් ගනී. - සියලුම අමත්‍යංශ වලට ලැබුණු නිල දැනුම්දීම මෙන්න.

ඒ, අනුව මෙම සිද්ධියට අදාළ දුරකථන විස්තර වාර්තා ලබා​ ගැනීමටත් පොළොන්නරුවේ සහ අරලගංවිල පිහිටි බැංකු දෙකක ගිණුම් විස්තර ලබාගැනීමටත් අධිකරණ නියෝග නිකුත් කරන ලෙස පොලිසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

එම අධිකරණ නියෝග ලබා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙස බම්බලපිටිය පොලිසියට නියම කළා.

රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.

රන් මිල පහලට. - නව මිල ගණන් මෙන්න.


You may like this video