පොලිසියත් නටලා ඉවරයි. - ජනතාවගේත් රැඟිලි ඉවරයි. පොලිසියේ නිළ ඇඳුමට අලුත් ගැජට් එකක් සවි කෙරේ.

CID - Sri Lanka Police Sri Lanka Police Camera
By Wayomi Dec 23, 2024 03:39 AM GMT
Wayomi

Wayomi

Report

රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මුල් අදියර යටතේ එවන් කැමරා 1,500ක් ගෙන එන බව පොලිස් රථවාහන හා අපරාධ අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා පවසනවා.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

සියලු බදු සහිතව අලුත්ම අලුත් SUZUKI වාහන මිල ගණන් එළිදක්වයි. - නව මිල ගණන් මෙන්න.

මෙහිදී ඔහු අවධාරණය කරන්නේ, මෙම කැමරා ගෙන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ සවිකිරීමට කටයුතු කරනු ලබන්නේ පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවන්වලදී අනවශ්‍ය වැඩ කරනවාද? එසේත් නැතිනම් අව්ව සැර වීමේදී කැප් එක ගලවා අසල ඇති වෙළඳසැලකට රිංගාගෙන සිටිනවාද? යන්න පිළිබඳ සොයා බැලීමට නොවන බවයි.

"අපි මේක ගේන්න ප්‍රධාන හේතුව වුණේ සමාජ මාධ්‍යවල මෙයට පෙර අපි නොදැක්ක ආකාරයේ රැල්ලක් අවාසනාවකට දක්නට ලැබෙන නිසයි. රථවාහන අංශයේ නිලධාරීන් අත දමා වාහනයක් නතර කළාම මිනිස්සු දැන් එන්නේ ෆෝන් එක උස්සගෙනයි. මොනවද රාලහාමි කියන්නේ. මම කවුද කියල දන්නවද? කියල පාරේ ඉන්න පොලිස් නිලධාරියාව අවුස්සල පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය ලස්සනට වීඩියෝ කරනවා. පොලිස් නිලධාරියාව අවුස්සන කොටස වීඩියෝ කරන්නේ නැහැ. හැබැයි පොලිස් නිලධාරියාගේ ප්‍රතිචාරය සමාජ මාධ්‍යවල දානවා.ඔය තත්ත්වය මඟ හරින්නයි අපිට Body Worn camera ගේන්න වුණේ."

කණ්ඩායම් වශයෙන් මහමඟ රාජකාරියේ නිරතව සිටින විට අනිවාර්යෙන්ම ඒ එක් නිලධාරියකුගේ නිල ඇඳුමේ කැමරාව තිබෙන බවද රන්මල් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

පොලිස් නිලධාරීන්ගේ ආත්ම ගරුත්වය, වෘත්තීයභාවය රැකගැනීම සඳහා මෙම පියවර ගත් බවත් පොලිසියේ ගෞරවය රැකෙන්නේ පොලිස් නිලධාරීන්ගේ ගෞරවය රැකුණොත් පමණක් බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වැඩිදුරටත් කියා සිටියා.

උන්මාද චිත්‍රා සිර කල එක්ටැම් ගෙය මීට කලින් දැකලා තියෙනවා? - චක්‍රාවාලය වූ එක්ටැම් ගෙය. - (PHOTOS)

උන්මාද චිත්‍රා සිර කල එක්ටැම් ගෙය මීට කලින් දැකලා තියෙනවා? - චක්‍රාවාලය වූ එක්ටැම් ගෙය. - (PHOTOS)


You May Like This Video

 

ReeCha