මෙම කාන්තාව ගැන දන්න කෙනෙක් ඉන්නව නම් වහාම දැනුම් දෙන්න..

Report

නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන ප්‍රදේශයේ සැරිසරමින් සිටි මානසික අබාධායකින් පෙලෙන කාන්තාවක් පොලිස්භාරයට ගෙන තිබෙන බව වාර්තා වනවා.

නෝටන්බ්‍රිජ් පොලිසියේ ස්ථානාධිපතිතුමා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, පසුව ඇය මහනුවර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත යොමු කර වාර්තාවක් කැදවා එම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සදහා මුල්ලේරියාව මානසික රෝහල වෙත යොමු කිරිමට පෙර ඇයගේ ඥාතියෙකු හෝ ඇය පිලිබදව තොරතුරක් දන්නා කෙනෙකු සිටිනම් නෝටන්බ්‍රිජ් පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි.

කොරියාවට යන්න ඉන්න අයට දුක්බර ආරංචියක්..රැකියා අහිමිවීමේ අවදානමක්..

කොරියාවට යන්න ඉන්න අයට දුක්බර ආරංචියක්..රැකියා අහිමිවීමේ අවදානමක්..


අවු 40 ක් පමණ වයසැති රෝගි කාන්තාව අනාරක්ෂිත ලෙස ලක්ෂපාන ප්‍රදේශයේ සැරිසරමින් සිටියදි ඇයගේ ආරක්ෂාව උදෙසා එම කාන්තාව පොලිස් භාරයට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි මහනුවර ශික්ෂණ රෝහලේ මානසික වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ, දැනට රෝහල් ගත කර සිටින එම කාන්තාව කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවත්, ඇයගේ නම හෝ කිසිදු අනන්‍යතාවයක් පිලිබදව ප්‍රකාශයක් ලබා නොදෙන බවයි.

Gallery