ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා නම් කිරීම ගැන ආරංචිය මෙන්න..

Basil Rajapaksa Mahinda Rajapaksa Namal Rajapaksa Sri Lanka Podujana Peramuna Dhammika Perera
By Aruna Aug 07, 2024 02:30 AM GMT
Aruna

Aruna

Report

අද (07) උදෑසන 7.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සාගර කාරියවසම් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයට ඉදිරිපත් නොවන බවයි ධම්මික පෙරේරා මහතා ඊයේ (06) දන්වා තිබුණේ.

ඒ බව දන්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා පක්ෂ මහ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

එම ලිපියෙන් ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර ඇත්තේ පෞද්ගලික හේතුවක් මත ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් නොවන බවයි.

ඔහු එහි සඳහන් කර ඇති බව වාර්තා වන්නේ, මෙවර ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස තමා යෝජනා කිරීම සම්බන්ධයෙන් පක්ෂ නායකත්වයට ස්තූතිය පළ කරන බවයි.

පවතින තත්ත්වය තුළ ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නම් කිරීමට නියමිතව ඇති බව පක්ෂ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් අද උදෑසන 7.00ට පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා නම් කරන බව සාඟර කාරියවසම් මහතා පැවසුවද තවමත් නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ වන විට මීට අදාලව සියලු කටයුතු සූදානම් වෙමින් සිටින ආකාරය පහත වීඩියෝවෙන් නරඹන්න.


ReeCha