ජාතික ජන බලවේගයට රතු එළියක්..ආණ්ඩු බලය ගන්න වෙනත් පාර්ශවයක් පෙරමුණට එයි..
පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු විපක්ෂයේ සියලු මන්ත්‍රිවරු ඒකරාශී කරගෙන ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වූ මන්ත්‍රී කණ්ඩායම ඇතුළු පිරිස විසින් පිහිටුවන ලද පොදුජන එක්සත් නිදහස් පෙරමුණ සැලසුම් කර ඇතැයි තොරතුරු අනාවරණය වනවා.
ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉවත්වූ මන්ත්‍රි කණ්ඩායම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් එකතුවී හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් “කුසලානය’’ ලකුණ යටතේ පොදුජන එක්සත් නිදහස් පෙරමුණ පිහිටුවා ගනු ලැබීය.
මෙලෙස ආණ්ඩු පක්ෂය පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දෙමළ සන්ධානය ඇතුළු පක්ෂවල සහයෝගය ලබාගෙන සන්ධානගත වීමට සැලසුම් කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.