අපිට වැඩියෙන්ම කැමති රටවල් හෙළිවෙයි - අසල්වැසි රටවල් තුනක්ම ලංකාව ගැන කියන දේ මෙන්න

By Malith Madushan Aug 21, 2026 03:53 AM GMT
Report

දකුණු ආසියානු කලාපයේ අසල්වැසි රටවල් අතර ශ්‍රී ලංකාව පිළිබඳව සාපේක්ෂව ඉහළ ධනාත්මක ආකල්පයක් පවතින බව ඇමරිකානු Pew Research Center හි නවතම ගෝලීය ආකල්ප සමීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

Spring 2026 Global Attitudes Survey ලෙස නම් කර ඇති මෙම සමීක්ෂණයේදී ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු රටවල ජනතාව තම අසල්වැසි රටවල් සම්බන්ධයෙන් දක්වන ආකල්ප පිළිබඳව විශ්ලේෂණය කර තිබෙනවා.

සමීක්ෂණ දත්ත අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පාකිස්තානය, ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල ජනතාව අතර හිතකර ආකල්ප සැලකිය යුතු මට්ටමක පවතින බව පෙනී යනවා. පාකිස්තාන ජනතාවගෙන් 51%ක් ශ්‍රී ලංකාව පිළිබඳ හිතකර මතයක් දරන අතර, අහිතකර මතයක් දරන්නේ 33%ක් පමණයි.

ඉන්දියාවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 49%ක ජනතාවක් ධනාත්මක ආකල්පයක් දක්වා ඇති අතර, අහිතකර අදහසක් පළ කර ඇත්තේ 20%ක් පමණයි. මේ අතර බංග්ලාදේශ ජනතාවගෙන් 47%ක් ශ්‍රී ලංකාව පිළිබඳව හිතකර මතයක් දරන අතර, 33%ක් අහිතකර ආකල්පයක් දක්වා තිබෙනවා.

ඒ අනුව, සමීක්ෂණයට ඇතුළත් වූ දකුණු ආසියානු රටවල් අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසල්වැසි ජනතාවගේ ධනාත්මක ආකල්පය කැපී පෙනෙන මට්ටමක පවතින බව මෙම දත්ත මගින් පෙන්වා දෙනවා.

රටම හඬවමින් සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය ආදාහන පූජෝත්සවය අද

රටම හඬවමින් සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය ආදාහන පූජෝත්සවය අද

රටම හඬවා දෑස පියා ගත් හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම් දෙයි - ඇයට සමුදෙන්න මහජනතාවටත් ඉඩහසර වෙන් කරයි

රටම හඬවා දෑස පියා ගත් හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු ගැන දැනුම් දෙයි - ඇයට සමුදෙන්න මහජනතාවටත් ඉඩහසර වෙන් කරයි