දිවයින පුරා ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළක් - හේතුව මෙන්න
පශු සම්පත් ක්ෂේත්‍රයේ පවතින වසංගත රෝග තත්ත්වයන් පාලනය කිරීමට විධිමත් වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කොට ඇත.
ඒ වෙනුවෙන් වූ එන්නත්කරණ වැඩපිළිවෙළ කෘෂිකර්ම අමාත්‍යාංශය හා ලෝක බැංකුවේ ආධාර යටතේ ක්‍රියාත්මක බව සඳහන්. එසේම පශු සම්පත් ක්ෂේත්‍රයේ පැතිර යන කුර සහ මුඛ රෝගය මෙන්ම සමේ ගැටිති රෝගය මැඩපැවැත්වීමට ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වේ.
ඒ සඳහා අදාළ එන්නත් භාරදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදුව ඇත. එසේම මෙහිදී 2026 – 2030 දක්වා ක්‍රියාත්මක ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.
ඒ අනුව රජයේ ඉලක්කය වන්නේ දේශීය කිරි නිෂ්පාදනය තුන් ගුණයකින් ඉහළ නැංවීම මෙන්ම කිරිගොවීන් ව්‍යවසායකයින් බවට පත් කිරීමයි.
එසේම සත්ත්ව ගොවිපොළවල් 5035 ක් ඉලක්ක කර ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට මෙන්ම නව ගොවිපොළවල් ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.
මෙම වැඩසටහනට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද සහභාගී විය.