අපි බංකලොත් රටක්ද? UN ලිස්ට් එකේ ශ්‍රී ලංකාව නැහැ...
ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත්තේ , එම රටවල් ආර්ථික වශයෙන් දැඩි අවදානමකට ලක්විය හැකි බවය.
ඔවුන් ඉදිරිපත් කර ඇති වාර්ථාවෙන් ඇමරිකාව අන්‍යෝන්‍ය බදු ක්‍රමයෙන් නිදහස් කළ යුතු ලොව දුප්පත්ම හා කුඩාම රටවල් 28ක් පෙන්වා දී තිබේ .
එහෙත් එම රටවල් 28ට ශ්‍රී ලංකාව ඇතුළත් ව නැත. ඒ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය අවදානමට ලක්ව නොමැති බවයි. තවදුරටත් අප බංකලොත් රාජ්‍යයක් නොවන බවට ඉන් මනා පෙන්නුම් කර ඇති බවක් පෙනී යනවා.
ඇමරිකාව ඉහළ තීරු බදු පනවා ඇති මෙම රටවල් 28 ප්‍රමාණය සහ මධ්‍යස්ථ අපනයන මට්ටම් සැලකිල්ලට ගත් විට, එම රටවලින් ඇමරිකානු ආර්ථිකයට කිසිදු තර්ජනයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මතයයි.