ශ්‍රී ලංකාව ජිහාඩ් තර්ජනයක් - අනතුරු අඟවයි !

Report

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසයි.

පොලිසිය සහ හමුදාව අතර ගැටුමක් ඇති කරන්න උත්සහයක් ද? අදත් ගැටේ (VIDEO)

පොලිසිය සහ හමුදාව අතර ගැටුමක් ඇති කරන්න උත්සහයක් ද? අදත් ගැටේ (VIDEO)

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහරගම නගර සභාව වෙනුවෙන් පළාත් පාලන ජන්දය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන්ට සහාය දැක්වීමට සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය.

ඔයාලගේ දිනේට මම එන්නේ නැහැ... මගේ දිනේට එන්නම් - රනිල් අල්ලසට කියයි

ඔයාලගේ දිනේට මම එන්නේ නැහැ... මගේ දිනේට එන්නම් - රනිල් අල්ලසට කියයි

“සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය