ශ්‍රී ලංකාව සංශෝධිත ආයෝජක කාණ්ඩය යටතේ 'නේවාසික වීසා' නිකුත් කරයි

Report

2023 නොවැම්බර් මාසයේදී ගැසට් කරන ලද රෙගුලාසිවලට අනුකූලව, ශ්‍රී ලංකාව එහි සංශෝධිත “තනි ආයෝජක” (Individual Investor) කාණ්ඩය යටතේ පළමු නේවාසික වීසා බලපත්‍රය නිකුත් කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආරම්භක වීසා බලපත්‍රය අද (ඔක්තෝබර් 1) ජර්මානු ජාතික ආචාර්ය පේ ඩ්‍රෙච්සෙල් (Dr. Pay Drechsel) වෙත ලබා දුන් බව අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම වැඩසටහන යටතේ, විදේශීය ජාතිකයින්ට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 100,000ක් ආයෝජනය කිරීමෙන් වසර පහක නේවාසික වීසා බලපත්‍රයක් හෝ ඩොලර් 200,000ක් හෝ ඊට වැඩි මුදලක් ආයෝජනය කිරීමෙන් වසර දහයක නේවාසික වීසා බලපත්‍රයක් ලබාගත හැකිය.

අහස රකින පවුරට එක්වීමට ඔබටත් අවස්ථාවක්,අයදුම් කරන්නේ මෙහෙමයි

අහස රකින පවුරට එක්වීමට ඔබටත් අවස්ථාවක්,අයදුම් කරන්නේ මෙහෙමයි

අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවක වීසා වැඩසටහන් විදේශ මුදල් ගිණුමක් (Visa Programme Foreign Currency Account - VPFCA) විවෘත කර අරමුදල් තැන්පතු කළ යුතුය.

මෙම මුලපිරීමේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය කැප කරන තනි ආයෝජකයින්ට දිගුකාලීන නේවාසික අවස්ථා ලබාදෙමින් විදේශ සෘජු ආයෝජන (FDI) ප්‍රවර්ධනය කිරීම බව බලධාරීන් පෙන්වා දෙති. මෙය ශ්‍රී ලංකාවේ ආයෝජන වීසා වැඩසටහනන්හි නව පිටුවක් වන අතර, ආර්ථික සංවර්ධනයට දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

ගුරුවරුන්ට නව නීතියක්.. ශාරීරික දඬුවම් තහනම්ද? - අමාත්‍යාංශය පැහැදිලි කරයි

ගුරුවරුන්ට නව නීතියක්.. ශාරීරික දඬුවම් තහනම්ද? - අමාත්‍යාංශය පැහැදිලි කරයි