ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 අවසන් තරඟයට ලංකාවෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්.

By Hashini Oct 03, 2023 09:36 AM GMT
Report

19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් තරඟයට ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න සහ ගයන්තිකා අබේරත්න අද (03) සුදුසුකම් ලබා ගත්තා.

මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් මූලික වටයේ තරඟයට තරුෂි කරුණාරත්න සහභාගී වුණා.

ඇය දෙවැන්නා ලෙස තරඟය නිම කළ අතරම එහිදී මිනිත්තු 2යි තත්ත්පර 5. 48ක දක්ෂතාවක් දැක්වුවා.

ගයන්තිකා අබේරත්න අවසන් තරඟයට සුදුසුකම් ලබා ගත්තේ මීටර 800 කාන්තා ධාවන ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරඟයට එක් වෙමින්.

ඇය මිනිත්තු 2යි තත්ත්පර 7. 17ක දක්ෂතාවක් පෙන්වූවා.

හෙට (04) චීනයේ හන්ග්ජෝව්හිදි මීටර 800 අවසන් තරඟය පැවැත්වීමට නියමිතයි.

මීටර 400 පිරිමි සහය ධාවන ඉසව්වේ අවසන් තරඟයට ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා.

ඒ මිනිත්තු 3යි තත්ත්පර 6.6ක දක්ෂතාවක් එම ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරඟයේ දී දක්වමින්.

එම කණ්ඩායමට දිනුක දේශාන්, රාජිත රාජකරුණා, පසිදු ලක්ෂාන් සහ පබසර නිකූ ඇතුළත්.