ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි මානව හිමිකම් කොමිසම ගැන රනිල්ගේ හෙළිදරව්ව

United Human Rights Wickremesinghe Ranil Sri Lanka
By Gagana News Feb 27, 2025 10:36 AM GMT
Gagana News

Gagana News

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බවයි.

ඒ මහතා තවදුරටත් පවසන්නේ මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිලිමත් විය යුතු බවයි.

ගෝලීය දේශපාලනය වෙනස් මුහුණුවරක් ගෙන ඇත්තේ රුසියාව සමග යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමට එක්සත් ජනපදය උත්සාහ කිරීමත් සමගය. රුසියානුවන් ඔවුන්ගේ අරමුණු ජය ගැනීම සඳහා කැපකිරීම් කර ඇත.

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ

බොහෝ යුරෝපා ජාතීන් යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි සම්බන්ධයෙන් මෙන්ම යුක්‍රේනයේ ජනාධිපතිවරණය නොපැවැත්වීම සම්බන්ධයෙනුත් නිහඬව සිටිති. එහෙත් ශ්‍රී ලංකාව නිසිකලට මැතිවරණ පවත්වා තිබේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය දෙබඩි පිළිවෙතක් අනුගමනය කරමින් ශ්‍රී ලංකාවට වෙනස් ආකාරයකට සලකයි.

විශේෂයෙන් මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බැවින්, වත්මන් රජය සහ අප සියලුදෙනාම මේ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ මරණ පරීක්ෂණයට අදාළ සාක්ෂි විමසීම දෙවන දිනටත්

ReeCha