පරිස්සමෙන් මෙරට තුළ වේගයෙන් පැතිර යන මාරාන්තික රෝගයක් ගැන තොරතුරු රැසක් හෙළිවෙයි..
ශ්‍රී ලංකාවේ අතිරේක සරම්ප එන්නත් කිරීමේ වැඩසටහන කඩිනම් කිරීම සඳහා UNICEF සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශයට සහාය ලබා දීමට තීරණය කර්ස් තිබෙනවා.
ඒ අනුව එන්නත් වැඩසටහනේ පළමු අදියර ජනවාරි 06 වැනි දා දිස්ත්‍රික්ක 09ක පිහිටි 1,600කට වැඩි සායන සංඛ්‍යාවකින් ආරම්භ වීමට නියමිත බව සඳහන් වනවා.
2023 වසරේ මැයි මාසයේ සිට ශ්‍රී ලංකාව තුළ සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර මෙම අතිරේක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
මාරාන්තික රෝගයක් වන සරම්ප රෝගයේ පළමු අදියර සරම්ප රෝගීන් වැඩියෙන් වාර්තා වූ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ ඇතුළු ඉහළ ජන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්ක නවයක, මාස 6-9 අතර කුඩා දරුවන් ඉලක්ක කර ගනිමින් ජනවාරි මස 06 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.
දෙවන අදියර ජනවාරි මස 20 වැනි දා සිට රට පුරා සිටින අනෙකුත් වයස් කාණ්ඩවල දරුවන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත ව තිබෙනවා.
Sponsored By Sarrita Jewellery
